Fri. Jun 27th, 2025

සංජීව ඝාතනයට සැකපිට තවත් පොලිස් නිලධාරියෙක් කොටුවෙයි

Feb22,2025

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක්.

වෙඩික්කරු පලා යෑමට භාවිත කළ වෑන් රථය අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ සන්තකයේ තිබී ඇති අතර එම වෑන් රථයේ චැසි අංකය, එන්ජින් අංකය හා වෑන් රථයේ අංක තහඩු ව්‍යාජ බවට තහවුරු වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා

අනෙක් සැකකරු වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර නමැති අයෙක් බව පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මාර්තු 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබෙනවා.

ගණේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *