Sat. Jun 28th, 2025

ලංකාවට ආ විදේශිකයාගේ මධුසමය මරණයෙන් කෙළවර වූ හැටි

Feb22,2025

හික්කඩුව ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෑතක දී විවාහ දිවියට පත්ව සිය මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි 38 හැවිරිදි රුසියන් ජාතිකයෙක්.

මියගිය පුද්ගලයා දිය නාමින් සිටිය දී දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර පසුව සිදුකළ සොයා බැලීමේ දී ගල්පරයක සිරව සිටිය දී ඔහුව බේරාගෙන ගොඩබිමට රැගෙන විත් නමුත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *