Sat. Jun 28th, 2025

වැටි වැටි නැගිටින රනිල් පුංචි ඡන්දයට වැඩ අල්ලයි

Feb22,2025

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන හා ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ට එහි වගකීම් පවරා ඇතැයි වාර්තා වෙනවා.

රටේ වත්මන් තත්ත්වය මෙන්ම රට තුළ ගොඩ නැඟෙමින් පවතින නව දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමට කඩිනමින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී දැනුම් දී තිබෙනවා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප සභාපති නවීන් දිසානායක, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *