Sat. Jun 28th, 2025

හොර ගිනි අවි ගැන අපට කියන්න – අත පිරෙන්න සල්ලි දෙන්නම්

Feb22,2025

නීතිවිරෝධීව ළඟ තබා ගෙන සිටින ටී – 56 ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන මහජනතාවට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදල් ලබා දෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (22) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළා.

2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 17ක් සිදු වී ඇති බවත් තියුණු ආයුධවලින් පහරදීම් පහක් සිදුවී ඇති බව පෙන්වාදුන් ඒ මහතා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසියට පමණක් සිදු කළ නොහැකි බවත් ඒ සඳහා මහජන සහාය ද අවශ්‍ය බවත් වැඩිදුරටත් පෙන්වාදුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *