මහ කන්නයේ වී අස්වැන්න මිලට ගැනීමට සමස්ත මුදල රුපියල් බිලියන 325ක් අවශ්‍ය බවත් ආණ්ඩුව විසින් ඒ සඳහා රුපියල් බිලියන 5ක් පමණක් වෙන් කර තමන්ට පාට් දමන බවත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
මෙවර අපේක්ෂිත අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 26ක් බවත් දේශපාලනඥයන් තම නොහැකියාව, බැරිකම සහ නොදැනුවත්කම වසා ගැනීමට සහල් මාෆියාව යැයි චෝදනා කරන බවත් ඔහු තවදුරටත් කියා සිටිනවා.
“හැම දේශපාලනඥයකුටම රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි ඕන. රටේ ප්‍රශ්න ඇතිකරන්නයි ඕන. රටේ කන්න සහල් නෑ, පොල් නෑ, මොකක්ද මේ ? මාෆියාව කියලා තමන්ගේ නොහැකියාව, බැරිකම , නොදැනුවත්කම වහගන්න හදනවා. දැන් බලන්න පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවීම රුපියල් 30000ක් කියන්නේ මොකක්ද ? රුපියල් 30000ක් දීලා මිනිස්සු තියාගන්න පුළුවන් ද ? ඕක අයවැයෙන් කියන්න දෙයක්ද ? මොනවද මේ මෝඩ කතා”
යනුවෙන් ඔහු අය-වැය ගැන කොළඹදී පැවැති සංවාදයකදී කියා සිටියා.