ගණේමුල්ල සංජීව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට උසාවියේදීම වෙඩි තැබූ ඝාතකයා එම කටයුත්ත සිදු කර ඇත්තේ රුපියල් කෝටි එකහමාරකට මුදලකට බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, ඩුබායි සිට මේ කොන්ත්‍රාතුව ලබා දුන් අය මොහුට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණක් බවයි හෙළිව ඇත්තේ. ඉතිරි මුදල ඔහුට ලබා නොදී මොහුගේ පළායාම ගැන ඔත්තුව ආරක්ෂක අංශ වෙත ලබා දීමට කොන්ත්‍රාතුව ලබා දුන් පුද්ගලයන් කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ. සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු බවත් ඒ වෙනුවෙන් මුදල් සොයා ගැනීමට මෙම ඝාතනය බාර ගෙන ඇති බවත් පැවසෙන අතර සැකකරු පුත්තලම වෙත ගොස් ඇත්තේ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා යාමට බවයි පැවසෙන්නේ