බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය අද සිට පැය 24 ම විවෘතව තැබෙන බව මහජන ආරක්ෂක අමාත්යංශය පවසනවා.
ඒ අනුව පැය 24ම ගමන් බලපත්ර නිකුත් කරන බවද සේවාව කාර්යක්ෂමව සිදුකරන බවත් එම අමාත්යංශය පෙන්වා දෙනවා.
තවද ඒ සඳහා රාත්රී කාලයේ විශේෂ බස් සේවාවක් ද ක්රියාත්මක බව සඳහන්.