Sat. Jun 28th, 2025

අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Apr24,2024

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ කර තිබේ.

අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට අද (24) දිනයේ පාර්ලිමේන්තුව මෙලෙස රැස්වුණි.

පාස්කු ප්‍රහාරය පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් අද, හෙට (25) සහ සිකුරාදා (26) යන දිනවල පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අමතරව අද දිනයේ දී අපරාධ නඩු විධාන සංග්‍රසය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත අද කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවය.

ලබන සිකුරාදා දිනයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව සඳහන් වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *