පාන් පිටි මිල සංශෝධනය කිරීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හා ප්රීමා සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව අද(18) සිට රුපියල් 10 න් පාන් පිටි කිලෝවක මිල අඩු කිරීමට එම සමාගම් පියවර ගෙන තිබෙනවා.දැනට වෙළෙදපොළේ පාන් පිටි කිලෝවක මිල රුපියල් 160 -180 අතර පවතිනවා. ඒ අනුව පාන් සහ බේකරි ආහාරවල මිල අඩු කරන්නේද යන්න තවමත් වාර්තා වන්නේ නෑ.