යාපනේ චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ සහකාර ලේකම්වරිය පිළිස්සුම් තුවාල සහිතව ඊයේ (16) මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ඇය රෝහල් ගත කිරීමේදී ඉටිපන්දමක් දැල්වීමට යාමේදී සිරුරට ගිනි ඇවිලුණ බව ඇගේ සැමියා විසින් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මෙය සියදිවි නසා ගැනීමක් බව අධිකරණ වෛද්‍ය නිළධාරීන් වාර්තා කර ඇති අතර අවශ්‍ය වුවහොත් යළි ගොඩ ගැනීමට හැකිවන පරිදි සිරුර මිහිදන් කරන ලෙස නියෝග කර තිබෙනවා.