රජය විසින් ලබා දෙන පොහොර සහනාධාරය ලබා ගන්නා ගොවීන් තම වී තොග වලින් කොටසක් රජයට ලබා දිය යුතු බව කෘෂිකර්ම ඇමති පවසනවා.
එම සහනාධාර ලබා ගන්නේ ජනතාවගේ බදු මුදලින් බැවින් අස්වැන්නද රජයට ලබා දීමට ගොවියාට සිදුවන බවද ඒ සඳහා නීති සකස් කරමින් පවතින බවද ඔහු අවධාරණය කරනවා.
රජයෙන් පහසුකම් ගෙන වී මෝල් හිමියන්ට ලබා දීම නැවැත්විය යුතුබවද ඔහු දැඩිව කියා සිටියා.