ඇතිවිය හැකි පාරිසරික ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
පරිසර සංරක්ෂණය සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම අංකය හඳුන්වා දුන් බව පරිසර අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව 076 6412029 යන වට්සප් අංකයට කෙටි පණිවිඩයක් ලෙස ප්‍රශ්නය යොමු කිරීමට හැකියාව පවතිනවා.සතියේ දිනවල පෙ.ව 7.00 සිට ප.ව 7.00 දක්වා මෙම අංකයට ගැටලු යොමුකළ හැකි බව සඳහන් වෙනවා.