ඇමෙරිකානු අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් නවතා දැමීමට ට්‍රම්ප් රජය විසින් පිහිටුවා ඇති ඩොජ් නමැති ආයතයනය තීරණය කර තිබෙනවා. එයි ප්‍රධානියා ලොව ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් විසින් දරනු ලබනවා.
අරමුදල් යෙදවීම නාස්තිකයක් ලෙස සලකා නවතා දැමූ ගෝලීය ව්‍යාපෘති 200කට මේවාද අයත් බව සඳහන්. මෙරට නවතා දැමූ එක් ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීම සම්බන්ධ එකක් සහ අනෙක සන්නිවේදනය සම්බන්ධ එකක් බව තොරතුරු දැක්වෙනවා.
මෙලෙස නාස්තිකාර ව්‍යාපෘති නවතා දැමීම තුළින් ඇමෙරිකානු ජනයාගේ බදු මුදල් ඩොලර් මිලියන 250ක් ඉතිරි කරගැනීමට හැකි බව ඩොජ් ආයතනය පවසනවා.