ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට අදාලව සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට ගත් නිර්දේශ නීත්‍යනුකූල හා නිවැරදි තීරණ බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සංගමය කියා සිටිනවා.
තීරණ ගැනීමේදී දේශපාලන ප්‍රතිවිපාක හෝ මහජන මතවාද නොසලකා පවතින කරුණු මත පදනම්ව අධිචෝදනා ඉදිරිපත් කිරීම ,සැකකරුවන් නිදහස් කිරීමට තීරණ ගැනීම ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක ලක්ෂණය බවත් ඉහත සිදුවීමෙදී ඇති වූයේත් එවැනි තත්වයක් බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙනවා.
එබැවින් නීතිපතිට එරෙහිව ගනුලබන ඔනෑම පියවරක් පරාජය කිරීමට දැඩිව සූදානම් බවත් ඒ සදහා අවශ්‍ය සියලු මැදිහත් වීම් සිදුකරන බව එම සංගමය තරයේ අවධාරණය කරනවා.