රාජ්ය නොවන සංවිධාන(NGO)වල ලියාපදිංචිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා නාමල් රාජපක්ෂ විසින් කතානායකවරයාට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සංවිධානවල විනිවිද භාවය හා අරමුදල් සම්බන්ධව ගැටලු ගණනාවක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.
ඒ සම්බන්ධ කමිටුවක් පත්කරන්නේ නම් එයට සහය දැක්වීමට තමා ඇතුලු කණ්ඩායම සූදානම් බවද ඔහු කියා සිටිනවා.