2025 වසරේදී ශ්රීලාංකික ශ්රමිකයින් 340,000 ක ප්රමාණයක් රැකියා සදහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මෙහිදී වෘත්තිමය රැකියා සදහා ශ්රමිකයින් සීයට 75ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා 25% පිරිසක් යොමු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව කුවේට් සදහා 84,000 ද,එක්සත් අරාබි එමීර් රාජ්ය සදහා 55,000 ද,සෞදි රාජ්ය සදහා 52000 වශයෙනුත් රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.
එසේම ඊශ්රායල් රැකියා 15900, ජපන් රැකියා 9000, දකුණු කොරියා රැකියා 8000ක් වශයෙන්ද ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.