Sat. Jun 28th, 2025

ටීචගේ රුවට නිරුවත් රුවක් බද්ධ කරලා

Jun11,2024

පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක් බද්ධ කළ බව කියන සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියේග කර තිබෙනවා.

වැඩිදුර විභාගයට මෙම නඩුව අගෝස්තු මස 28 නැවත කැඳවන ලෙසත් නියම කර තිබෙනවා.

එමෙන්ම පරීක්ෂණවලට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසත් සංස්කරණය කළ ඡයාරූප කිසිදු වෙනසකට භාජනය නොකරන ලෙසත් ඇප කොන්දේසි නිකුත් කරමින් එම කොන්දේසි අනුව කටයුතු නොකළහොත් නඩු කටයුතු අවසන්වනතෙක් ඇප අවලංගුකර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සැකකරුට දැඩිලෙස අවවාද කර තිබෙනවා.

සැකකරු එම සංස්කරණය කළ සේයාරූ මුහුණුපොතේ සමූහයක හා ටෙලිග්‍රෑම් ජාලයේ සමූහයක ගුරුවරියගේ දුරකථන අංකය සඳහන් කරමින් පෝස්ටු පළකර තිබුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *