දඹුල්ල-කුරුණෑගල ප්රධාන මාර්ගයේ සිදුවූ මාරක බස් අනතුරක් හේතුවෙන් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු බස් රථයක් මගීන් නංවා ගැනීමට නතර කර තිබියදී එම දිසාවටම යාමට පැමිණි තවත් බස් රථයක් එහි පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
පසුව පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට හේතුව බව සඳහන්. මිය ගිය අය අතර කාන්තාවක් ද වනවා.