මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අගමැතිනිය ඊයේ (7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඇය තවදුරටත් මෙසේද කියා සිටියා.
“පාර්ලිමේන්තු වරප්‍රසාද අඩු කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරීම පිලිබඳව අපි කථා කළේ 2001 පමණ ඉදලා. මම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ම අද ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකට, අපි මන්ත්‍රීවරු සියළු දෙනාම මේ යෝජනාවට එකඟතාවය පළ කරනවා. නමුත් මම කනගාටු වෙනවා. සියළු දෙනාම එකඟ වියයුතු යෝජනාවකදී වත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු එකඟ නෑ ඒ සංස්කෘතිය වෙනස් වෙනවට. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ යෝජනාවට පක්ෂව කතා නොකර වෙනත් මාතෘකා පිළිබඳව තවමත් ඒ මන්ත්‍රීවරු කතා කරනවා. තවමත් ඔවුන් සූදානම් නැහැ වරප්‍රසාද අඩු කරනවාට”