ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පමණක් නොව දූෂිත මානව සමාජය පිරිසිදු කරන වැඩසටහනක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පැවසුවා.
එමගින් මහ ජනතාවගේ සාරධර්ම සහ ගුණ යහපත්කම් වර්ධනය කර ගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.
සාහිත්‍ය වැනි විෂයන් දෙසට යොමු කිරීම මඟින් සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මානසික සංවර්ධනය ඇති කළ හැකි බවද ආණ්ඩුකාරවරිය එහිදී සඳහන් කළා.
සබරගමු පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (6) රත්නශ්‍රී සමඟ සේකර කියවමු – නමින් පැවැති සාහිත්‍ය උත්සවයේදී ඇය මෙසේ සඳහන් කළා.
ප්‍රවීණ කිවියර, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති රත්නශ්‍රී විජේසිංහ මෙහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා.
කිවියර අජිත් කල්‍යාණ අමරසිංහ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.