මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන් තිදෙනෙක් නිදහස් කර යැවීමට නීතිපතිවරයා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට රටේ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන ජනතා විරෝධයක් පැන නැගී ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතා පැවැත්වුණා.
ඊයේ (06) දින දහවල් ජනපතිවරයා විසින් මේ ගැන විමසීමට නීතිපතිවරයා කැඳවා තිබුණා. මෙහිදී සිදුවූ සාකච්ඡාව ගැන අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍යවලට කීමට තරම් දෙයක් සාකච්ඡා නොවූ බවයි.