Sat. Jun 28th, 2025

ඉදිරියට එන ඕනෑම ආණ්ඩුවකදී තමන් අමාත්‍යවරයෙක්

Apr24,2024

අද මෙරට ප්‍රධාන පක්ෂ දෙක සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඉදිරියේදී ජාතික ජන බලවේගය පිහිටුවන ආණ්ඩුවකට සහභාගි වීම සම්බන්ධයෙන් තමන් අනුර දිසානායක මහතා සමග සාකච්ඡා කර ඇති බවත් එම ආණ්ඩුවට එක්වීම හොඳ බව අනුර දිසානායක මහතා ද පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි ජනාධිපතිවරණ තරගයේ ඉදිරිම සිටින්නේ සමගි ජන බලවේගය බවද පැවසූ මන්ත්‍රීවරයා කෙසේ වෙතත් ඉදිරියේ පත්වන ඕනෑම ආණ්ඩුවක මනෝ ගනේෂන් අමාත්‍යවරයෙක් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *