රාගම පොලිස් වසමේ තලගොල්ල නිවසක කතකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර ඇති බවට රාගම පොලිසියට ලද පණිවිඩයකට විමර්ශන අරඹා තිබෙනවා.
ඝාතනයට ලක් වූ කත වයස 76 ක තලගොල්ල පෙදෙසේ පදිංචිකාරියක් බව අනාවරණය වුණා.
මෙම සිද්ධිය වන විට ඇගේ සැමියා නිවසින් පිට රැකියාවක් සඳහා ගොස් සිට තිබෙනවා. මෙම ඝාතනයට හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නැහැ.