Sat. Jun 28th, 2025

බැංකොක් නුවර සිදු වූ ඛේදවාචකය

Jun11,2024

තායිලන්තයේ බැංකොක් නුවර සුප්‍රසිද්ධ වෙළඳපොළක හටගත් ගින්නකින් එහි අලෙවිය සඳහා රැගෙනවිත් තිබූ සතුන් දහසක් පමණ මිය ගොස් තිබෙනවා.

බැංකොක් නුවර පිහිටි චටුචක් වෙළදපොළේයි මෙම ගින්න හටගෙන ඇත්තේ. එහි සුරතල් සතුන් රදවා සිටින වෙළදසැල් සියයක් පමණ ගින්නෙන් විනාශ වී තිබෙනවා.

පක්ෂීන් / සුනඛයින් / බළලුන් හා සර්පයින් ඇතුලු සතුන් වර්ග රාශියක් මෙහිදි මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හට ගැනීමත් සමග වෙළදසැල් හිමියන් ඉන් ඉවත් වී ඇති අතර කුඩු තුළ රදවා සිටි සතුන් ගින්නට හසුවී තිබෙනවා.

චටුචක් වෙළදපොළ සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවනවා.

සති අන්තයේ දී එය නැරඹීම සදහා සංචාකරයින් ලක්ෂ දෙකක් පමණ පැමිණෙන බවයි වාර්තා වන්නේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *