මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිට අභාවප්‍රාප්ත වූ හැරී ජයවර්ධනගේ අවසන් කටයුතු ඊයේ (4) සවස ජාඇල දී පැවැත්වුණා.
වෑවල ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පැවැත්වුණ අවසන් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් සිදු කරනු ලැබුවා.
මෙම අවමංගල්‍ය අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරු ජයසූරිය, ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු, සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු දේශපාලනඥයන්ද ප්‍රබල ව්‍යාපාරික ප්‍රභූ පිරිසක් ද සහභාගි වී තිබුණා.