අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබාගෙන ගෙවෙන 77 වැනි වසරේ නිදහස් දිනයට අදට යෙදී තිබෙනවා. මේ වන විට රාජ්‍ය උත්සවය නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙනවා.
මෙවර නිදහස් උළෙල අඩු වියදමකින් පැවැත්වීමට රජය තීරණය කරනු ලැබුවා.
ආර්ථික සමාජීය සහ ආර්ථික නිදහස වෙනුවෙන් සියලු දෙනා තවදුරටත් අරගලයක නිරත විය යුතුව ඇතැයි ජනපතිවරයා තම නිදහස් දින ජාතිය ඇමැතීමේදී කියා සිටියා.