ආරවුලක් දුරදිග ගොස් සිය නැගණියට පිහියකින් හා යකඩ මල්පෝචිචියකින් පහරදී ඝාතනය කළ සහෝදරයෙක් පිළිබඳ පුවතක් කඹුරුපිටියෙන් වාර්තා වෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කඹුරුපිටිය පදිංචි දික්වැල්ල විද්‍යාලයක සේවය කළ අයේෂා නිශාමනී නම් 32 වියැති කතක්.
මේ ඝාතනය කළේ තමන් බව ඇගේ මව විසින් ලියූ ලිපියක් මරණකාරිය වැටී සිටි නිවසේ සාලයේ මේසයක මත තිබී සොයාගෙන ඇතත් එය ගැන සැකයක් ඇති වී තිබෙනවා.
කඹුරුපිටිය පොලිසිය විමර්ශන පවත්වනවා.