Sat. Jun 28th, 2025

විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට දැනුම් දීමක්

Jun11,2024

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැඳුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි.

සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සිය දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වන බවද හෙතෙම සඳහන් කලා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *