Sat. Jun 28th, 2025

බාලවයස්කාර දැරියක්ව දූෂණය කළ කුලී රථ රියදුරුට ලැබුණු දඬුවම

Jun11,2024

මෙයට වසර 10කට පමණ පෙර බාලවයස්කාර දැරියක්ව දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ කුලී රථ රියදුරෙක්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩසහිතව වසර 10ක සිරදඬුවම් නියම කලා

සිය නිවස අසල කුලී නිවසක විසූ එවකට අපොස සා පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි එම දැරියව දූෂණය කර ඇති බවට දැනට 35 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ල වුණා .

ඊට අමතරව චුදිතයාට එරෙහිව රුපියල් 10,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා අගතියට පත් තරුණියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා..

එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකරගන්නා ලෙසත් එයද නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත තවත් වසර දෙකක සිර දඬුවම් ලබාදීමටත් නියෝග කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *