ඉතිහාසයේ පෙර නොවූ විරූ තරමට කෘත්‍රීම බුද්ධිය මානව සමාජය වෙළා ගෙන තිබෙන අතර ආතර් සී. ක්ලාක් වැනි බුද්ධිමතුන් අනුමාන කළාට වඩා වේගයෙන් කෘත්‍රීම බුද්ධිය සිය හැඩතල සකස් කරගනිමින් මානව සමාජය මත සිය ආධිපත්‍යය පතුරවන බව පෙනෙනවා. පෙර තාක්ෂණික, විද්‍යා සහ වෙනත් භෞතිකමය කටයුතු කෙරෙහි බලපෑම් කළ කෘත්‍රීම බුද්ධිය ලලිත කලා විෂයන් වෙතද පැන ගත්තා. Chat GPT වැනි යෙදුමක් ජනතාව අතරට ආ පසු මේ ගැන සංවාදය නැවත මතු වුණා.
දැන් ලොව අලුත්ම සංවාදය වී ඇත්තේ, චීන කෘත්‍රීම බුද්ධි මාදිලියක් වන DeepSeek යෙදුමයි. පසුගිය ජනවාරි 20 දා නිකුත් කළ මෙය මේ Apple Store හි වැඩියෙන්ම බාගත කළ යෙදුම බවට පත්ව තිබෙනවා. මේ සිදුවීම් හරහා ලොව කෘත්‍රීම බුද්ධිය සහ තාක්ෂණ තරඟකාරිත්වය පමණක් නොව ලෝක භූ දේශපාලනය සම්බන්ධයෙන්ද වන කතාබහ අලුත්ව ඇති බව දක්නට ලැබෙනවා.
DeepSeek සංවර්ධනයේදී සැලකිය යුතු තරම් ලාබදායි ලෙස චිපයන් භාවිතා කර ඇති අතර ලොව චිප් නිෂ්පාදන දැවැන්තයෙකු වන Nvida හි වෙළෙඳපොල වටිනාකමනේ ඩොලර් බිලියන 600ක පහත වැටීමක් සිදුව ඇති බවද සඳහන් වෙනවා.
චීන සමාගමක මේ නැගීම නවමු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද දැක ඇත්තේ අවදි කිරීමේ සංඥාවක් ලෙසින්. කෙසේ වෙතත් චීනයට චිප් අපනයනය කිරීමේ උපායමාර්ගික කටයුත්ත ඉදිරියේදී අර්බුදයට යන බව එක්සත් ජනපදය තේරුම් ගෙන ඇතැයි සිතිය හැකි වෙනවා.