Sat. Jun 28th, 2025

යාපනේ අඹ ගෙඩියක් ලක්ෂ දෙකහමාරට ගිහින්

Jan29,2025 #news #sl economy

යාපනය පුතූරු මුරුගන් හින්දු කෝවිලේ පැවැති දේව මෙහෙයකින් පසු පැවැත්වූ භාණ්ඩ වෙන්දේසියකදී එහි තිබු අඹ ගෙඩියක් රුපියල් 240000කට වෙන්දේසි වී ඇතැයි වාර්තා වෙනවා.

මෙම වෙන්දේසිය පසුගිය 27 වැනිදා රාත්‍රී පවත්වා ඇති අතර මෙය මිලට ගෙන ඇත්තේ විදෙස්ගතව සිට පැමිණි පුතූර් වැසි බැතිමතෙක් බව සඳහන්.

මෙලෙස ලබා ගන්නා අඹ ගෙඩිය නිවසට ගෙන ගොස් තැන්පත් කළ පසු නිවසට සාමය සහ සෞභාග්‍ය ළඟා වන බව හින්දු බැතිමතුන්ගේ මතයක් පවතින බව කියැවෙනවා.

උතුරු පළාතේ වාර්ෂික හින්දු කෝවිල් උත්සවවල මෙලෙස අඹ ගෙඩි ඉතා ඉහළ මිල ගණන්වලට වෙන්දේසිවීම සිදු වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *