ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළ නායක කාරකාදීන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති මහින්දගේ නිල නිවසේදී පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා එම පක්ෂයේ පැරණි සාමාජිකයන් වෙත හිටපු ජනපති විසින් විශේෂ ආරාධනාවක් කර ඇති බව සඳහන්.
එහිදී හිටපු ජනපතිවරයාගේ නිල නිවස සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය ගැනද සාකච්ඡාවට භාජනය වී තිබෙන බව වාර්තා වෙනවා.
අද (28) දින සිට නෙළුම් මාවතේ පොදුජන පෙරමුණ කාර්යාලයේ පළාත් පාලන සංසදය විසින් කාර්යාලයක් ආරම්භ කිරීමටත් ඉදිරි පළාත් පාලන ඡන්ද මෙහෙයුම් එහි සිට සිදු කිරීමටත් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.