Sat. Jun 28th, 2025

අත්හැර දැමූ ශ්‍රාවස්තියෙන් හමු වූ දේ!

Jan28,2025 #government #news #parliment

පාර්ලිමේන්තු නිලධාරීන් කොළඹ 07, ශ්‍රාවස්ති මන්දිරය පරීක්ෂාවක් සිදු කළ අතර එය නැවත වරක් පාර්ලිමේන්තුවේ විෂය පථය යටතට ගෙන එනු ලැබුවා. කලින් බස්නාහිර පළාත් සභාව විසින් භාවිතා කරන ලද මෙම ගොඩනැගිල්ල, වසර ගණනාවක් නොසලකා හැරීම හේතුවෙන් අබලන් තත්ත්වයේ තිබී පසුගිය දා සොයා ගත්තා.

එහි වාහන සංකීර්ණයේ අතහැර දැමූ සුඛෝපභෝගී වාහන ගණනාවක් සොයා ගන්නා ලද අතර, ඒවායේ වැදගත් කොටස් අතුරුදහන් වී තිබෙනවා. ගොඩනැගිල්ලේ තිබූ රාජ්‍ය කාර්යාල පෙර පාලන සමයේදී බත්තරමුල්ලට ගෙන ගොස් ඇති අතර, එම පරිශ්‍රය භාවිතයට ගෙන තිබුණේ නැහැ.

ඩබ්ලිව් ආතර් සිල්වා නම් රාජ්‍ය සභා මන්ත්‍රීවරයාට අයත්ව තිබූ මෙම මන්දිරය පසුව රජය විසින් මිලට ගනු ලැබුවා. කාලයක් පිට පළාත්වල මන්ත්‍රීවරුන්ට මෙහි නවාතැන් සැපයුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *