පසුගිය සිකුරාදා (24) සිකුරාදා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට පත් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට ඇප නියම වී තිබෙනවා.
රුපියල් මිලියන 50 ක ශරීර ඇප දෙකක් මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස ඇප ලබා දී ඇතැයි සඳහන්.
අදාළ චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් තරම් අධිකරණය සෑහීමකට පත්වෙන කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බවයි අධිකරණය පවසා ඇත්තේ.
සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කළ යුතු බවට සැකකරුට නියෝග කර තිබෙනවා.