Sat. Jun 28th, 2025

වතු දෙමළ නම වෙනස් වෙයි!

Jan25,2025 #news #slpolitics

වතුකරයේ ජනයා හැඳින්වීමට වසර 200ක කාලයක සිට භාවිත කළ වතු නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප් පවසනවා.

රත්නපුර පැවැති තෛපොන්ගල් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

වසර ගණනාවක් පුරා තමන් වතු ජනතාව ලෙස පිළිනොගන්නා ලෙසත්, උඩරට දෙමළ හෙවත් මලෛගම් ලෙස පිළිගන්නා ලෙසත් පැවති රජයන්ගෙන් ඉල්ලීම් කර තිබුණා. ඔවුන් ශ්‍රී ලාංකික දෙමළ ලෙසද පිළගැනීමට එකඟ නොවන බව දැක්වෙනවා.

සිංහල ජනතාව අතර උඩරට සිංහල ලෙස පිළිගැනීමක් ඇති බැවින් තමන් උඩරට දෙමළ ලෙස පිළිගන්නා බවයි ඔවුන් පවසා සිටින්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *