ඇල්ල ඔඩිසි දුම්රියේ ඔන්ලයින් ටිකට් පත් ලබාගෙන විදේශිකයන්ට වැඩි මිලකට විකිණීමේ ජාවාරමේ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා. අත්අඩංගුවට පත් අය 37 වියැති එම ප්රදේශයේම පදිංචි අයෙක්.
ඔහු සතුව තිබී ඔන්ලයින් ටිකට්පත් 21ක්, ටිකට්පත් විකුණා ලබා ගත් බවට සැක රුපියල් 130670ක මුදලක් ඒවා විකිණූ තොරතුරු ලියවිලි සහ ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය දා හෙළිදරව් වුණේ ඇල්ල ඔඩිසි දුම්රිය ප්රවේශපත් අන්තර්ජාලයට මුදා හැරි පළමු තත්පර 42 ක ඇතුළත සියල්ල අවසන් වූ බවයි.