Sat. Jun 28th, 2025

මගෙ දේශපාලන ගමන නවතන්න ජනපතිගේ තීන්දුවලින් බෑ: මහින්ද

Jan22,2025 #news #slpolitics
President's decisions cannot stop my political journey: Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස සම්බන්ධයෙන් පසුගිය දා කලුතර පැවැති ජනහමුවකදී ජනපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද ප්‍රකාශය ආන්දෝලනයට ලක් වුණා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනපති පුත් පා.ම. නාමල් රාජපක්ෂ පැවසුවේ ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් තම පියා ඉන් ඉවත් වන බවයි.

මේ ප්‍රකාශයෙන් පසුව හිටපු ජනපති මහින්ද හමුවීමට ඔහුගේ හිතවාදීන් පිරිසක් විජේරාම පිහිටි එම නිවසට ගොස් තිබුණා. හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක්ද ඊට අයත් වුණා.

එහිදී අදහස් පළ කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, මහින්ද රාජපක්ෂ යනු රජයෙන් අහිමි කළ දේවල් ඉල්ලා කෙඳිරි ගාන අයෙකු නොවන බවයි. නිල නිවසින් ඉවත් වන්නැයි මේ දක්වා තමන්ට ලිඛිතව දන්වා නැති බවත් එලෙස දැන්වූ පසු තමා ඕනෑම අවස්ථාවක ඉවත්ව යෑමට සූදානම් බවත් කියා සිටි හිටපු ජනපතිවරයා ජනපතිවරයාට මේ සම්බන්ධයෙන් ඕනෑම තීන්දුවක් ගත හැකි වුවත් තමාගේ දේශපාලන ගමන ඉන් නැවැත්විය නොහැකි බවද අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *