Wed. Jun 25th, 2025

පොල් ලක්ෂ 2000ක් රටින් ගෙන්වන්න යයි: රිලවු කෑ ගණන ලක්ෂ 2000ට වැඩියි!

Jan22,2025 #news #sl economy

ඉදිරි මාස කිහිපය ඇතුළත පොල් ගෙඩි ලක්ෂ 2000ක් ආනයනය කිරීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

එහි සභාපති ජයන්ත සමරකෝන් සඳහන් කරන්නේ පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය නොකළහොත් ඩොලර් බිලියනයක පමණක අපනයන ආදායමක් රටට අහිමි වනු අති බවද ඔහු පැවසුවා.

වාර්ෂික පොල්ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3000ක් වුවත් එය පසුගිය වසරේදී 2680 දක්වා අඩුව තිබෙනවා. මේ වසරේ එය තවත් අඩු වන බවයි පොල් පර්යේෂණායතනය පුරෝකතනය කරන්නේ.

ඒ අතර පසුගිය දා වාර්තා වුණේ 2022 වසරේදී මෙරට පොල් පලදාවෙන් ගෙඩි ලක්ෂ 2000 ඉක්මවා රිලවුන් කා දමා ඇති බවයි. 2023 වසරේදී මෙම ගණන ඊට වැඩි වී ඇති බව සිතිය හැකියි. මෙහිදී පෙනී යන්නේ රිලව් කා දැමූ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමට සිදුවනු ඇති බවයි. පොහොර මිල ප්‍රශ්නයක් ලෙස පැවතුණ ද රිලවුන්ගේ වගා හානිය මෙහිදී නොසලකා හැර තිබෙන බව පෙනී යනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *