Sat. Jun 28th, 2025

භයංකර තත්වයක්: අවදානම් බහාලුම් 323 පරීක්ෂා නොකර මුදාහැරලා!

Jan22,2025 #custom #news

රේගු වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ අනිවාර්ය පරීක්ෂාවක් කළ යුතු ලෙස හඳුනාගෙන ඇති බහාලුම් 323ක් පමණ නිසි පරීක්ෂාවකින් තොරව  නිදහස් කර ඇති බවයි.

එම සන්ධානයේ සභාපති අමිල සංජීව මාධ්‍ය වෙත පැවසුවේ බහාලුම්වලට රතු ලේබල් නිකුත් කර ඇති අතර අනිවාර්ය පරීක්ෂාවට යටත් විය යුතු බවයි.

බහාලුම් 323න් 80%ක් රතු ලේබල් නිකුත් කර ඇති නමුත් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හැර ඇති බව ඔහු තවදුරටත් පැවසුවා.

මෙම ගැටලු සහගත බහාලුම්වලට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත නොකළ ඖෂධ, මිනිස් භාවිතයට නුසුදුසු සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය, නීති විරෝධී සිගරට් හෝ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි පවා ඇතුළත් විය හැකි බව අමිල සංජීව හෙළි කළා.

රේගු නිලධාරීන්ට නිෂ්කාශණය කරන ලද බහාලුම් සඳහා වගකීම භාර ගත නොහැකි බව පවසමින්, බහාලුම් මුදා හැර ඇත්තේ කාගේ අධිකාරිය සහ උපදෙස් යටතේද යන්න ඔහු තවදුරටත් ප්‍රශ්න කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *