රත්නපුර ඓතිහාසික මහසමන් දේවාලය සතුව පැවැති ඇත් දළ යුගල දෙකක් එහි හිටපු බස්නායක නිලමේවරයා විසින් භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයතු රත්නපුර දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරයා විසින් රත්නපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සබරගමුව මහ සමන් දේවාලයේ ඉකුත් වසරේදී කළ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව මෙම ඇත්දළ යුගල දෙක දේවාලයේ නොමැති බව තහවුරු වී තිබුණා.
සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ධුර කාලය පසුගිය දා අවසන් වූ අතර ඒ සඳහා නීති ප්‍රකාරව බෞද්ධ කටයුතු ලේකම්වරයා විසින් වැඩබලන බස්නායක නිලමේවරයක් පත් කළ අතර එය දේශපාලන පත්කිරීමක් බව කියමින් ගැටලුකාරී තත්වයක්ද පැන නැගුණා.