ජනපති අනුරගේ කතා ගැලරියට සහ මැතිවරණ වේදිකාවට හොඳ බවත් නිල නිවසෙන් ඉවත් වීමට අවශ්‍ය නම් ලිඛිත ඉල්ලීමක් කරන ලෙසත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.
ජනපති අනුර දිසානායක විසින් හිටපු ජනපති මහින්දගේ නිල නිවසේ කුලිය සම්බන්ධයෙන් වේදිකාවකදී ප්‍රශ්න කළ අතර කුලිය නොගෙවන්නේ නම් නිවස ලබා ගන්නා බවට කළ ප්‍රකාශයට හිටපු ජනපතිවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.
නිල නිවස ඉතා ගැටුම් සමයක රට වසර 10ක් පාලනය කළ තමා වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් හරහා ලබාදුන්නක් බවත් එහි තමා කිසිම විටෙක බලෙන් රැඳී නොසිටින බවත් හිටපු ජනපති සඳහන් කරනවා. එම නිවස තමාගේ ව්‍යවස්ථානුකූල අයිතියක් බවද ඔහු අවධාරණය කර තිබුණා.
වත්මන් ජනපතිවරයාට තම නිල නිවස උදුරාගැනීමට අවැසි බව හැඟෙන්නේ නම් තමා ඉන් ඉවත්වීමට සූදානම් බවත් ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් එවන ලෙසත් පවසන හිටපු ජනපති මහින්ද, වත්මන් ජනපතිවරයා තමා මහින්ද රාජපක්ෂ බව අමතක කර ඇතැයි ද කියා සිටිනවා.