Fri. Jun 27th, 2025

හිටපු ඇමැති මනූෂ වරුවක් රහස් පොලිසියේ!

Jan21,2025 #news #police #slpolitics
Manush who went to CID released after 6 hours

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර එහි පැය 6ක් පමණක් එහි රඳවාගෙන ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමකින් තොරව ඔහු පිටව ගොස් තිබෙනවා. විදේශ රැකියා ලබා දීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනයකට ඔහු මෙසේ කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බවයි ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කළ අවස්ථාවේ හිටපු ඇමැතිවරයා අපේක්ෂිත ඇප ඉල්ලීමක් කර තිබුණේ තමා අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම්දී තිබුණේ මෙතෙක් විමර්ශන අනුව හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවෙන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *