Fri. Jun 27th, 2025

සෑම මන්ත්‍රීවරයෙකුටම වාහනයක් දෙනවා: ඇමැති විජිත

Jan21,2025 #news #slpolitics

පාර්ලිමේන්තු මන්ත්‍රීවර සියලුම දෙනා වෙත වාහනයක් ලබා දීමට රජය කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා. එසේ වුවත් කිසිදු මන්ත්‍රීවරයෙකුට ඉදිරියේදී තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා නොදෙන බවයි ඔහු කියා සිටියේ.

මන්ත්‍රීවරුන්ට වාහන ලබා නොදෙන බව තම පක්ෂය කිසි විටෙක කියා නැති බව කී ඇමැතිවරයා රාජකාරි කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන අවශ්‍ය බව කියා සිටියේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින්.

මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමේ දී විකල්ප දෙකක් ලබා දෙන බවත්, පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාර දීම බවත් දෙවැන්න ක්ෂය වීමේ වටිනාකම තක්සේරු කර මුදලට වාහනය ලබා ගැනීම බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *