Sat. Jun 28th, 2025

ලෝකෙට ලොක්කා දිව්රුම් දෙයි!

Jan21,2025 #news #world

ඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (21) උදෑසන දිව්රුම් දීම සිදු කළා.

දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන්හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී පැවැත් වුණා.

අමෙරිකානු සම්ප්‍රදාය අනුව පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත කාලගුණය සලකා මෙවර එය ගෘහස්ථ ස්ථානයක පැවැත්වීම විශේෂත්වයක් වෙනවා.

ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව වෙනුවෙන් අමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්, විදෙස් රාජ්‍ය නායකයින් මෙන්ම ඊලෝන් මස්ක් ඇතුළු දැවැන්තයින් ද ආරාධනා ලැබ සිටින බවයි වාර්තා වන්නේ.

දිව්රුම් දීමෙන් පසු නව ජනපතිවරයා ඇමරිකාව ‘ස්වර්ණමය යුගයක්’ වෙත ගෙන යන බවට පොරොන්දුවක් ලබා දුන්නා.

ටික්ටොක් යෙදවුම තහනම් කිරීම ප්‍රමාද කිරීමේ තීරණයක් ජනපතිවරයා විසින් ගෙන ඇති අතර ජනවාරි 6 වැනිදා ඇති වූ කෝලාහලවලට සම්බන්ධ 1500 දෙනෙක් නිදහස් කර හැරීමටද තීන්දු කර තිබීමද විශේෂ වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *