මෙරට වසරකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ ප්‍රධානයේ පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද භාරදෙනු ලැබුවා.
එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ විසිපන්දහසකට අධිකයි.
මෙරට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සදහා අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් මෙසේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කෙරුණා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ එල් ඩී එස් ලේටර් – ඩේ ෂෙන්ට් චැරටිස් ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධක අධ්යක්ෂ මිකි ලුයි මහතා එම ඖෂධ තොගය නිල වශයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාරදෙනු ලැබුවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා එම ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 13ක් මෙරටට ලැබෙන අතර එහි වටිනාකම ඩොලර් මිලියනයකට අධිකයි.