Tue. Jun 24th, 2025

මහින්ද නිල නිවෙසින් යන්න සූදානම්!

Jan21,2025 #news #slpolitics

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දැනට වෙසෙන නිල නිවසෙන් ඕනෑම වේලාවක ඉවත්ව යෑමට සූදානම් බව ඔහුගේ පුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

එතුමා මහින්ද රාජපක්ෂ නිසා එම නිවසෙන් පිටවීමට සූදානම් බවත් වත්මන් ජනපතිවරයාට එම නිවස කාට හෝ විකුණාගැනීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා වෙත එය ලිඛිතව දැක්විය හැකි බවත් ඔහු පවසනවා.

එම නිවස ඉල්ලා ගත් දෙයක් නොවන බවත් ව්‍යවස්ථානුකූලව හිටපු ජනපතිවරයාට ලැබුණු දෙයක් බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

ආරංචිමාර්ග පවසන්නේ හිටපු ජනපති මහින්ද දැනට පදිංචි මෙම නිවසෙන් ඉවත් වී තංගල්ල කාල්ටන් නිවස වෙත පදිංචියට යෑමට සූදානම්ව සිටින බවයි.

හිටපු ජනපතිවරයා පදිංචි නිවසට ලක්ෂ 49ක කුලී මුදලක් ගෙවන බැවින් තීරණයක් ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක පසුගිය දා පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *