Sat. Jun 28th, 2025

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු අද!

Jan20,2025 #news #slpolitics

මෙරට ප්‍රකට මාධ්‍ය චරිතයක් වූ වික්ටර් අයිවන් මහතාගේ ඊයේ (19) අභාවයට පත් වූ අතර අවසන් කටයුතු අද දින ගාල්ලේදී සිදු කිරීමට නියමිත වෙනවා.

කලක් අසනීපයෙන් සිටි අභාවප්‍රාප්ත මාධ්‍යවේදියා මිය යන විට 75 වැනි වියේ පසුවුණා. ඔහු උපත ලබා ඇත්තේ 1949 ජූනි 26 වැනි දා යි.

71 ජවිපෙ සන්නද්ධ කැරැල්ලේදී පොඩි අතුල නමින් පෙනී සිට කටයුතු කළ අයිවන් ජීවිත අවදානම් ගෙන ක්‍රියාකාරීව කටයුතු කළා. පසුව 71 මහ නඩුවේ 7 වැනි විත්තිකරු වූ අයිවන් නඩුවේදී ජවිපෙ විරෝධී ස්ථාවරයක් ගෙන කටයුතු කළා. වසර 5කට පසුව සිරගත දිවියෙන් නික්මුණු ඔහු පසු ජීවිත කාලය පුරාම කටයුතු කළේ ගාන්ධිවාදියෙකු ලෙසිනුයි.

පසුව මාධ්‍යවේදියෙක් ලෙස ජීවිතය ඇරඹූ අයිවන් රාවය පුවත්පත සමාරම්භ කළා. පසුව ගත්කතුවරයෙකු ලෙස පොත් ගණනාවක් ලියූ ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක්ද වූවා. අධිකරණ පද්ධතියේ ඇති අවුල්සහගත තත්වයන්ට එරෙහිව අයිවන් නිර්භයව ක්‍රියාකාරී වූ අතර ඔහුගේ මැදිහත්වීම් ඉතා ප්‍රබල බව සඳහන් විය යුතු වෙනවා.

ගවේෂණාත්මක වාර්තාකරණය නිසා ම ඔහුට විරුද්ධව නඩු ගණනාවක්ද පැවරුණා.

මෙරට මාධ්‍ය වංශකතාවේ නොමැකන නාමයක් තැබූ වික්ටර් අයිවන් වෙනුවෙන් මාධ්‍යවේදීන් ලෙස අපගේ ගෞරවය ද ඔහුට හිමි වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *