Sun. Jun 22nd, 2025

රියදුරු වරදින් තවත් බිහිසුණු අනතුරක් : 14ක් රෝහලට!

Jan20,2025 #news #police

අද (20) අලුයම සේරුනුවර කන්තලේ මාර්ගයේ දී කාත්තන්කුඩියේ සිට කොළඹ දක්වා ධාවනය වූ මගී බස් රථයක් අනතුරට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.

අධික වර්ෂාව මධ්‍යයේ ධාවනය වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරැළී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 49ක් පමණ ගමන් කර ඇති අතර රියදුරු රිය සහයක ඇතුළු 14 ක් ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර පසුව රියදුරු සහ තවත් තුවාලකරුවන් 9ක් ත්‍රිකුණාමලය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

අනතුරට හේතුව රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය බවයි දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *