බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ඊයේ(10) රුසියාවේ Nizhny Novgorod නගරයේ දී පැවැත්වුණා.
ගෙවී ගිය වසරේ බ්‍රික්ස් රටවල ව්‍යාප්තිය ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා ශක්තිමත් වූ බවත්, නව යුගයේ බ්‍රික්ස් රටවල ආකර්ශනය අඛණ්ඩව ඉහළ යන බවත් ඒ සඳහා සම්බන්ධ වූ චීන විදේශ අමාත්‍ය වං යී මහතා ප්‍රකාශ කර තිබෙනවා.
නැඟී එන නව වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් පදනම් කර ගෙන ගෝලීයකරණය, විවෘතභාවය සහ වෙනස්කම් පිළිගැනීම සහිත නව බහුපාර්ශ්වික සහයෝගිතා ක්‍රමවේදයක් බ්‍රික්ස් රටවල් සඳහා බිහි කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා
සමුළුවට එක්වූ විවිධ පාර්ශ්ව බ්‍රික්ස් ක්‍රමවේදයේ වැදගත්කම හා ව්‍යාප්තියේ ප්‍රතිඵල ඉහළින් අගය කර ඇති අතර බ්‍රික්ස් සමුළුවේ ඒකාබද්ධ නිවේදනය ද එහිදී නිකුත් කෙරුණා.