Sun. Jun 22nd, 2025

විදුලි බිල අඩු කරනවා ද නැද්ද? තීරණය ජනපති අතේ!

Jan18,2025 #ceb #news

විදුලි ගාස්තු සාමාන්‍ය 20% දක්වා පහළ දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් තීරණය කිරීම පුවත් මවන සිදුවීමක් වුණා.

කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යංශ අනුමැතිය අනුව පමණක් සිදු කරන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.

මෙහි අවසාන වගකීම ඒ අනුව පැවරෙන්නනේ ජනපති අනුර කුමාර දිසානායක වෙතයි. යෝජිත මිල අඩු කිරීම ක්‍රියාත්මක කරන්නේ නම් ලංවිමට ඉදිරි මාස 6ට සිදුවන පාඩුව රුපියල් බිලියන 45ක් වන බවටද ගණන් බලා තිබෙනවා. පාඩුව අවම කර ගැනීම සඳහා පියවරයන්ද මහජන උපයෝගිතා කොමිෂම විසින් ලංවිම වෙත යෝජනා කරනු ලැබ තිබුණා.

ඒ අතර මෙම මිල අඩු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණයන්ටද අනුකූලදැයි විමසා බැලීමට ජනපතිවරයාට සිදුවනු ඇතැයි පැවසෙනවා. කෙසේ වෙතත් පොදු ජනතාවට දැඩි ගැහැටක්ව පවතින විදුලි බිල අඩු කිරීමේ ජනපතිවරයාට ඒ අනුව ඍජුව පැවරී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *